Ashirwada Publications
Showing 145-180 of 262 Results
Sort By:
ගැබී - Gabbi
LKR 1,260.00 LKR 1,800.00 30%

Book Description

මෑන්හැටන්වල ඇති තමන්ගේ දෙමව්පියන්ගේ සුඛෝපභෝගී නිවසේ දෙවෙනි මහළට යන තරප්පු පේළියේ ඉහළ සැඟවී, සත් හැවිරිදි ගැබ්රියෙල්ලා නිවසේ පවත්වන සාදයට එන අමුත්තන් දෙස හොරෙන් බලා සිටින්නීය. අම්මාගේ අඩි උස සපත්තුවලින් නැඟෙන ක්ලික්, ක්ලික්,ක්ලික් ශබ්දය ඇසෙද්දී ඇගේ හදවත බියෙන් වෙළෙන්නේ‍ය. ඇගේ ලෝකය බිය, ද්‍රෝහිකම හා වේදනාවේ මිශ්‍රණයකි. තමන්ට සැඟවෙන්න පුළුවන් ආරක්ෂාව සහිත කිසිම තැනක් නැහැ කියා ඇය දන්නීය. ඇගේ දෙමාපියන්ගේ විවාහය බිඳ වැටෙද්දී ඇගේ අම්මා ගැබ්රියෙල්ලා කන්‍යාරාමයක දමා යන්නීය. කන්‍යාරාමයේ ආරක්ෂාව හා කන්‍යා සොයුරියන්ගේ නිහඬ පිළිවෙත් මැද්දේ පහර කෑමෙන් හෙම්බත් වුණු ගැබ්රියෙල්ලා තරුණියක් වුණු පසු තරුණ ෆාදර් ජෝ කොනර්ස් ඇගේ ජීවිතයට එන්නේය. ගැබ්රියෙල්ලා මෙන්ම ජෝ ද ළමා කාලයේ වේදනාවලින් පීඩා විඳින්නෙකි. ඇයත් සමග ඔහු සුවපත් වීමේ මාර්ගයට අවතීර්ණ වෙන්නේය. නමුත් ජෝට තමන්ගේ දේවගැතිකම හා ගැබ්රියෙල්ලා අතරින් එකක් තෝරා ගැනීමට සිදු වෙන නිසා ඔවුන්ගේ බැඳීම විනාශකාරී තත්ත්වයකට මුහුණ දෙන්නේය. ඇය තමන්ගේ ලිවීමේ හැකියාව යොදා ගනිමින්, අවසානයේ තමාටම සමාව දෙන්න, වරදකාරී බවෙන් නිදහස් වෙන්න හා සිත සුවපත් කර ගන්න හැකි වෙනතුරු තනියම නිව්යෝර්ක් තගරයේ දිවි රැක ගන්න උත්සාහ කරන්නීය.

Publisher: Ashirwada Publications

Author(s): කෝශලී සිරිචන්ද්ර | Koshalee Sirichandra | Danielle Steel

ගිම්හානයේ අසිපත - Gimhanaye Asipatha
LKR 1,995.00 LKR 2,850.00 30%

Book Description

Magnus Chase and The Gods of Asgard කියන්නේ TOA හා සමගාමී කාල රේඛාවක දිවයන, රික් රයෝඩන්ගේ මීළඟ කතාමාලාවයි. ඇස්zගාර්ඩ් කීව ගමන්ම දන්නවනේ… නෝර්ස් මිත්‍යා !!! ••••• ගින්නෙන් ඇදවැටුණු මිහිකතේ අඳෝනාවෙන් අනතුරුව එළැඹි දෙවිවරුන්ගේ ග්‍රීක-රෝම ස්වරූපයන්හි තාවකාලික සටන් විරාමය අතරතුර ලෝක විනාශයේ මීළඟ වෙඩිමුරය දැල්වෙන්නේ බොස්ටන් වලිනි. සිය පිය උරුමය තමාගේ කරගන්නා විට මැග්නස් චේස්ට යාන්තමින් වයස දහසය සම්පූර්ණ වූවා පමණි. හෝටලේක සදාකාලික නවාතැන් පහසුකම් සමඟින් අරුම පුදුම උපන්දින තෑග්ගකට හිමිකම් කියූ මැග්නස්ට පවුල් ගසේ අතු දිගේ ඇවිද යන්නට අත්වැල සපයන්නේ සතර වටින් එකතු වූ මිතුරු කල්ලියකි. •°•°•°•°•°• වීරයින් සිව්දෙනෙක්… එක් අසිපතක්… ලෝක නවයක්… තහනම් අනාවැකියක්… ලේ පිපාසිත වෘකයෙක්… අතුරුදන් වූ බහුකාර්‍ය මෙවලමක්… නව දිනෙන් එළඹෙන දෙවිවරුන්ගේ යුද්ධයක්… •°•°•°•°•°• පුරාතන නෝර්ස් මිත්‍යාවන්ට අනුව උතුරු ඇමෙරිකාවේ ජනාවාස තනාගත් වයිකිංවරු ලෝක ගසේ මධ්‍යය – අක්ෂ දණ්ඩ – සෙවීමට පටන් ගත්හ. ❇️ පුරා නව දිනෙක අවසානයේ අනාවැකිය සඵල වේවිද? ❇️ වෘකයාගේ නිවහන සොයාගොස් ඔහුව බැඳදැමීමට මොවුන්ට හැකි වේවිද? ❇️ අවසානයේ… මැග්නස්ගේ පලායන්නෝ කල්ලියේ ඉරණම කුමක් වේවිද?

Publisher: Ashirwada Publications

Author(s): රොෂානි කවින්ද්‍රා රණවීර | Roshani Kavindra Ranaweera | Rick Riordan

ආදිපාදවරයා සහ මම - Aadhipadawaraya Saha Mama
LKR 1,470.00 LKR 2,100.00 30%

Book Description

රාජ්‍යාධිකාර ලන්ඩනයේ බාල් නැටුම් ශාලාවන් හි සහ විසිත්ත කාමරවල දී අනුගමනය කළ යුතු රීති අටෝරාශියකි. ළාබාල වයසේ දී ම වංශවත් පවුල්වල දරුවන්ට අලර්වරයෙකුට ආමන්ත‍්‍රණය කරන ආකාරය සහ රජ කුමරෙක් ඉදිරියේ දී ආචාර කරන ආකාරය යනාදිය උගන්වනු ලබයි. එමෙන් ම ඉහළ පංතියේ පවතින අනෙකුත් පිළිවෙත් ගැන කතා බහ නොකළත් ඒවා මොනවා දැයි කියා සියල්ලන් ම අවබෝධ කරගෙන සිටිති. පිළිගැනීමට පාත‍්‍ර වූ ආදිපාදවරයෙක් යනු අති උඬඟු සහ දුරස්ථ ලෙසින් හැසිරෙන්නෙකි. තරුණ වියේ, විවාහයට සුදුසු වයසේ සිටින ආර්යාවක් නම් සුහද විය යුතුයි… ඒත් එතරම්ම සුහද විය යුතු නැත. ඒ දෙවැන්න කරන්නට ඩැෆ්නි බි‍්‍රජටන් කිසිදාක සමත් වූයේ නැත. ඉතා සමීප ලෙසින් එකිනෙකා ආශ‍්‍රය කරන අට දෙනෙකුගෙන් යුතු පවුලක හතරවැනියා වූ ඇය ලන්ඩනයේ විවාහයට වඩාත් ම සුදුසු තරුණයන් සමග මිතු දම් ඇති කරගත්තා ය. ඇය ගේ දයාන්විත හැදියාව සහ තීක්ෂණ භාෂණය සියල්ලන් විසින් ම ප‍්‍රිය කළහ. ඒත් කිසිවෙක් ඇයට සැබෑ ලාලසාවක් දැක්වූයේ නැත. එවැන්නක් දැක්වීමට නොහැකි ආකාරයකින්, තරුණ මහත්වරුන් ගේ සිත් අල්ලා ගන්නට කරන රොමැන්තික වූ මායම් පෑමට ඇති අකමැත්ත හෙයින් ඇය සරලව ම අවංක වූවා ය. හේස්ටින්ස්ග් හි ආදිපාදවරයා වූ සයිමන් බැසට් සුහදත්වය යන හැදියාව හුරු කරගත්තෙක් නොවූයේ ය. විදේශ සංචාරයෙන් පසුව මෑතක දී එංගලන්තයට ආපසු පැමිණ සිටින ඔහු සමාජයත් විවාහයත් යන දෙක ම අත් හැර සිටින්නට තීරණය කරන ලද්දෙකි. ඒ ඔහු ගේ දුක්බර ළමා කාලයේ දී ඔහු ගේ පියා ඔහුව අත්හැර දමා සිටින ලද ලෙසින්ම යි. එහෙත්, ඔහු ගේ හොඳම යාළුවා ගේ නැගණිය හමුවීමෙන් ඔහුට තවත් තෝරා ගැනීමක් ලැබී ඇත. ඔවුන් දෙදෙනා විවාහයක් වෙනුවෙන් ඇසුරු කරනවා යැයි සමාජයට බොරුවට පෙන්වන්නට ඩැෆ්නි කැමති වෙනවා නම්, විවාහයට සුදුසු යැයි කියමින් තම දියණියන් ඔහු ඉදිරියට තල්ලූ කරන මවුවරුන්ගෙන් ගැලවී ඉන්නට සයිමන්ට හැකියි. ඒ අතරතුරේ දී ඩැෆ්නිගේ විවාහ යෝජනා වැඩි වීමෙන් ඇය ගේ තත්ත්වය තවත් ඉහළ යනු ඇත. ඒ සැලැස්ම අකුරට ම වැඩ කරන ලද්දේ ය. පටන් ගැන්මේ දී. එහෙත් ලන්ඩන් වංශවතුන් ගේ බැබළෙන, ඕපා¥ප පිරුණ, බෙලි කපන, ලෝකයේ වූයේ එකම එක නිශ්චිත බවක් පමණකි. එනම්, ආදරය විසින් සියලූ රීති අත් හැර දමන බව පමණකි…

Publisher: Ashirwada Publications

Author(s): අරුණි ශපීරෝ | Aruni Shafero | Julia Quinn

ආසියා මගේ අතේ - Asiya Mage Athe
LKR 875.00 LKR 1,250.00 30%

Book Description

ලෝකයේ ඉහළම පෙළේ ධනවතකුගේ බිරිය වන හෙල්ගා රොල්ෆ්, ඔවුන්ගේ ව්‍යාපාර කොටස් පාලනය සඳහා බාර දුන් කළමනාකරණ ආයතනයේ ප‍්‍රබලයකු ඔවුන්ගෙන් විශාල මුදලක් වංචාකිරීමෙන් පසුව ඇතිවූ සිද්ධි දාමයක් මුල් කරගෙන මෙහි කතාව ගොඩනැගෙයි. වංචාව වසන් කිරීම සඳහා හෙල්ගා උගුලකට හසුුකර ගැනීමට හා අමෙරිකානු තරුණයකු සමග ඇය සිටින ඡුායාරූපයක් පෙන්වා ඇයගෙන් විශාල කම්පම් මුදලක් ලබා ගැනීමට අදාළ වංචනිකයා කටයුතු යොදයි. හෙල්ගාගේ උපක‍්‍රමශීලී ක‍්‍රියාමාර්ග නිසා ඔහුගේ සියලූම යටිකූට්ටු වැඩ අනපේක්ෂිත ලෙස විනාශ වන්නේ පිටතින් ලැබුණ උදව් ද උපකාරයෙනි. කිසිම සිදුවීමක් රහස් ලෙස සඟවා නොතැබිය හැකි ය. ඉතා හිතවත් යයි සිතෙන අය ගැන පවා විශ්වාසයක් තැබීම අපහසු ය.

Publisher: Ashirwada Publications

Author(s): එන්.පී. විජේරත්න | N.P. Wijerathna | James Haddley Chase