Showing 1-36 of 178 Results
Sort By:
කළු කඳුළේ උමං මග - Kalu Kandule Uman Maga
LKR 1,295.00 LKR 1,850.00 30%

Book Description

කෝරා, 19 වැනි ශතවර්ශයේ අමරිකාවේ ජෝර්ජියාහි වතු යායක ජීවත්වූ අප්‍රිකානු වහල් යුවතියකි. ඇයගේ මුළු පවුලම වහලුන් වූ අතර ඇයගේ මව වූ මේබල් එම වතු යායෙන් මිදී පලාගියේ කෝරා ද තනිකර දමමිනි. ඔවුන්ගේ වතුයාය හිමි ස්වාමියාගේ කුරිරු අඩතේට්ටම් ඉවසාගන්නට නොහැකි තැන කෝරා සහ ඇගේ හොඳම මිතුරා වූ සීසර් වතුයායෙන් පලායාමට සැලසුම් කළහ. එහිදී ඔවුන් දෙදෙනාට අහඹු ලෙස රහසිගත උමං දුම්රිය මාර්ගයක් හමුවූ අතර එම දුම්රියේ නැගුනු දෙදෙනා දකුණු කැරොලිනාවට පලා ගියහ. නමුත් වහල් වෙළෙන්දෙකු වූ රිජ්වේ ඔවුන් දෙදෙනා පසුපස ලුහුබැඳ ගියේ කෝරා සමග ඔහුගේ තිබූ පෞද්ගලික තරහක් ද පිරිමැසීමට ද අදිටන් කරගනිමිනි. ඒ කෝරාගේ මව වූ මේබල් ඔහුගෙන් මිදී පළාගිය සහ නැවත අල්ලා ගැනීමට නොහැකිවූ එකම අප්‍රිකානු වහලා වූ බැවිනි. රිජ්වේගේ හඹා ඒම හමුවේ කෝරා සහ සීසර්ට නැවත පලායාමට සිදුවිය. රිජ්වේට හසුවූ සීසර් මරණයට පත්වූ අතර කෝරා ඔහුගෙන් මිදී උතුරු කැරොලිනාවටත් එතැනින් ඉන්ඩියානාවටත් පලාගියාය. ඉන්ඩියානා හිදී ඇයට වහල් බවින් නිදහසලත් සහ තමාගේම වතුයායක හිමිකරුවෙකු වූ තවත් අප්‍රිකානු ජාතික තරුණයෙකු වූ වැලටයින් හමුවූ අතර ඔහු කෝරා හට පිහිටට පැමිණියේ ප්‍රේමයේ දෑතද දිගු කරමිනි. මේ සියල්ල මැද වුවද රිජ්වේ ඇය පසුපස හඹා ඒම කිසිවිටකත් නවතා දැමුවේ නැත. ඇමරිකානු ජාතික Colson Whitehead විසින් රචිත අතීතයේ ඇමරිකාව තුළ පැතිරී තිබූ අප්‍රිකානු වහල් සේවයේ අඳුරු සහ කුරිරු පැතිකඩ පෙන්වා දෙන කතාවක් වූ The Underground Railroad නම්වූ කෘතිය ප්‍රකාශයට පත්වූයේ 2016 දීය. හද කම්පා කරවන සුළු වූ මෙම නවකතාව ලොවපුරා ඉතා සීග්‍රයෙන් අලෙවි වූ අතර සම්මාන ගණනාවකටද හිමිකම් කීවේය. මෙම නවකතාව එය නිකුත්වූ වසරේදීම Pulitzer Prize for fiction සහ National Book Award for Fiction මෙන්ම Athur C Clark Award යන සම්මාන දිනා ගත් අතර 2017 වසරේදී Andrew Carngie Medal for Excellence සම්මානයද දිනා ගත්තේය. මෙම නවකතාවේ අතිශය ජනප්‍රියභාවය නිසාම එය රූපවාහිනි කතාමාලාවකට නැගුනු අතර එය 2021 දී විකාශනය කෙරිනි.

Publisher: Ashirwada Publications

Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena | Colson Whitehead

තම්බි මුදියන්සේ - Thambi Mudiyanse
LKR 320.00 LKR 400.00 20%

Book Description

මේ කුප්‍රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් වසර 200කට ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ ජීවත් වූයේ ය. වත්මන් වැඩිහිටි පරපුරේ බොහෝ දෙනෙක් තම්බි මුදියන්සේ ගැන දනිති. අඩු වශයෙන් ඔහු පිළිබඳ ව අසා දැන තිබේ. එහෙත් අද තරුණ පරපුරේ බොහෝ දෙනකු ඔහු පිළිබඳ ව දන්නේ නැත. අඩු වශයෙන් ඒ නම වත් අසා ඇති අයකු වෙතොත් ඒ කලාතුරකිනි. ඔහු පමණක් නොව ඔහුගේ කාර්යභාරය ම ඉටු කරමින් සිටින නූතන තම්බි මුදියන්සේලා පිළිබඳ ව ද බොහෝ දෙනකු දන්නේ නැත. තම්බි මුදියන්සේ යනු මේ රටේ ඉතිහාසය තුළ නොමැකෙන ලෙස සටහන් වී ඇති කුප්‍රකට නාමයකි. ඉතිහාස පොත්වල තම්බි මුදියන්සේ යන නම දක්නට ලැබෙන්නේ ඉතා ම කලාතුරකින් වුවත් ඉංග්‍රීසින් මෙරට යටත්විජිතයක් බවට පත් කර ගත් ආසන්න අවධියේ ඔවුන්ගේ ලිපි ලේඛනවල ඔහු පිළිබඳ ව සටහන් දක්නට ලැබේ. තම්බි මුදියන්සේ පිළිබඳ ව ප්‍රසිද්ධියට පත් වූ ලේඛන බොහොමයක් දක්නට ලැබෙන්නේ ඔහුගේ මරණයෙන් පසු ව ය. ඔහු පිළිබඳ ව ඉංග්‍රීසින් තැබූ සටහන් සහ ඔහු වෙනුවෙන් ලබා දුන් සහතික, ස්තුති පත්ර ආදියෙන් ඔහුත් ඉංග්‍රීසි ආක්‍රමණිකයාත් අතර පැවැති සම්බන්ධය වටහා ගත හැකි ය. ඔහුගේ නාමය ඉතිහාසයේ නොමැකෙන ලෙස සටහන් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කිරීමට ඔහුගෙන් ලැබුණු දායකත්වය නිසා ය. ඔහු පමණක් නොව ඔහුගෙන් පසු ව ඔහුගේ පරපුර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කරන්නට දායක වූ නිසා ය. ඔවුන් ලබා දුන් ඒ දායකත්වය මේ රටේ ඉතිහාසය වෙනස් කරන්නට බලපෑවේ කුමනාකාරයෙන් ද යන්න මේ කෘතිය තුළින් යම් තරමකට හෝ පෙන්වා දෙන්නට උත්සාහ කරනු ලැබේ. ඒ හැර ඔහුගේ පරපුරේ වත්මන් පුරුක් ද මේ රටේ ඉතිහාසය වෙනස් කිරීමේ කටයුත්තට දායක වෙමින් සිටින නිසා තම්බි මුදියන්සේ නාමය සිහිපත් කළ යුතු ව ඇත. ඉතිහාසය ප්‍රතිනිර්මාණය වෙමින් තිබේ. අනාගතය ගොඩනැඟෙන්නේ ඉතිහාසය මතිනි. එබැවින් රටක අනාගතය ගොඩනැඟීමෙහි ලා ඉතිහාසයෙන් සිදු වන බලපෑම ප්‍රතික්ෂේප කළ නොහැකි ය.ඉතිහාසය හැදෑරිය යුත්තේ එබැවිනි. ඉතිහාසයෙන් පාඩම් උගත යුතු ය. අනාගතය කෙරෙහි ඉතිහාසයෙහි ඇති බලපෑම වටහා ගත හැක්කේ ඉතිහාසය හදාරන විට ය. අපේ ඉතිහාසයේ ස්වභාවය කිරා මැන බලා, නිවැරැදි තක්සේරුවකට එළැඹෙන්නට අතීත අත්දැකීම් ඉතා වැදගත් වෙයි. තම්බි මුදියන්සේගේ කතාව ද මේ රටේ ඉතිහාසය කිරා මැන බලන්නට මනා පිටිවහලක් සපයයි. වත්මන් පරපුර තම්බි මුදියන්සේ ගැන දැන ගත යුත්තේ එබැවිනි.

Publisher: Surasa (Fast Publishing)

Author(s): ධර්ම ශ්‍රී කාරියවසම් | Dharma Shri Kariyawasam