Kumara Siriwardena
Showing 1-36 of 45 Results
Sort By:
සම්භවය (5) - Sambhawaya
LKR 2,030.00 LKR 2,900.00 30%

Book Description

අප පැමිණියේ කොතැනක සිට ද ? අප යන්නේ කොතැනකට ද ? ආදියේ පටන් මානවයා නැඟූ ප‍්‍රශ්න ද්වය යළිත් ලෝකය ඉදිරියට ගෙන ආවේ එඞ්මන්ඞ් කියර්ෂ් ය. එ්වාට පිළිතුරු සැපයීමට කියර්ෂ් සූදානම් ව සිටි නමුත් ඊට පෙර ඔහු ඝාතනය කෙරිණි. මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ස්පාඤ්ඤයේ අනාගත රැුජන අම්බ‍්‍රා සමගින් එක් වූයේ කියර්ෂ් ගේ පිළිතුරු ජනගත කරනු සඳහා ය. කියර්ෂ් නිහ`ඩ කළ අයට එ් දෙදෙනා ද නිහඬ කරවීමට හැකි වෙයි ද?

Publisher: Ashirwada Publications

Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena | Dan Brown

භූතාවේෂය (1) - Bhuthaweshaya
LKR 2,240.00 LKR 3,200.00 30%

Book Description

අමුතුම ආකාරයක සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප‍්‍රකට විද්‍යාඥයකුගේ මළ සිරුර හමුවූයේ ස්විස්ටර්ලන්තයේදීය. ඊට සැතපුම් සිය ගණනක් ඈත රෝමයේ වතිකානු නගරයේ ලොව දස දෙසින් ආ කාදිනල්වරුන් රැුස්ව සිටියේ නව ශූද්ධෝත්තම පියතුමකු තෝරා පත් කර ගන්නටය. ඔවුන් නොදැන සිටියේ ඔවුන්ගේ පාදයන්ට යටින් තැනෙක වතිකානුව පොළොවටම සමතලා කර දමන්නට සමත් නව තාක්‍ෂණික කාල බෝම්බයක් ඇති බවය. මධ්‍යම රැුය එළඹෙන නිමේෂයේ් එය පුපුරා යනු ඇත. ඉතිරිව තිබූ සීමිත පැය ගණන ඇතුළත, හුදෙකලා සිදුවීම් ලෙස පෙනෙන මේ සිද්ධීන් දෙක අතර සම්බන්ධතා ව මෙන්ම තවත් සංකේතාත්මක හංවඩු හතරක් ද, සොයමින් මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් යා යුතු වූයේ ඉලූමිනාටි ප‍්‍රදීපනයේ මාවත ඔස්සේය. අවරෝහණ කාල ගණනය ඇරඹී තිබිණි. ඔර්ලෝසුව නවතන්නට ලැන්ග්ඩන්ට හැකිවේවිද?

Publisher: Ashirwada Publications

Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena | Dan Brown

ඩාවින්චි කේතය (2) - Da Vinci Kethaya
LKR 2,210.00 LKR 2,600.00 15%

Book Description

ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප‍්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාළිකාවකින් විකාශය කෙරිණි. පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?

Publisher: Ashirwada Publications

Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena | Dan Brown

කළු කඳුළේ උමං මග - Kalu Kandule Uman Maga
LKR 1,295.00 LKR 1,850.00 30%

Book Description

කෝරා, 19 වැනි ශතවර්ශයේ අමරිකාවේ ජෝර්ජියාහි වතු යායක ජීවත්වූ අප්‍රිකානු වහල් යුවතියකි. ඇයගේ මුළු පවුලම වහලුන් වූ අතර ඇයගේ මව වූ මේබල් එම වතු යායෙන් මිදී පලාගියේ කෝරා ද තනිකර දමමිනි. ඔවුන්ගේ වතුයාය හිමි ස්වාමියාගේ කුරිරු අඩතේට්ටම් ඉවසාගන්නට නොහැකි තැන කෝරා සහ ඇගේ හොඳම මිතුරා වූ සීසර් වතුයායෙන් පලායාමට සැලසුම් කළහ. එහිදී ඔවුන් දෙදෙනාට අහඹු ලෙස රහසිගත උමං දුම්රිය මාර්ගයක් හමුවූ අතර එම දුම්රියේ නැගුනු දෙදෙනා දකුණු කැරොලිනාවට පලා ගියහ. නමුත් වහල් වෙළෙන්දෙකු වූ රිජ්වේ ඔවුන් දෙදෙනා පසුපස ලුහුබැඳ ගියේ කෝරා සමග ඔහුගේ තිබූ පෞද්ගලික තරහක් ද පිරිමැසීමට ද අදිටන් කරගනිමිනි. ඒ කෝරාගේ මව වූ මේබල් ඔහුගෙන් මිදී පළාගිය සහ නැවත අල්ලා ගැනීමට නොහැකිවූ එකම අප්‍රිකානු වහලා වූ බැවිනි. රිජ්වේගේ හඹා ඒම හමුවේ කෝරා සහ සීසර්ට නැවත පලායාමට සිදුවිය. රිජ්වේට හසුවූ සීසර් මරණයට පත්වූ අතර කෝරා ඔහුගෙන් මිදී උතුරු කැරොලිනාවටත් එතැනින් ඉන්ඩියානාවටත් පලාගියාය. ඉන්ඩියානා හිදී ඇයට වහල් බවින් නිදහසලත් සහ තමාගේම වතුයායක හිමිකරුවෙකු වූ තවත් අප්‍රිකානු ජාතික තරුණයෙකු වූ වැලටයින් හමුවූ අතර ඔහු කෝරා හට පිහිටට පැමිණියේ ප්‍රේමයේ දෑතද දිගු කරමිනි. මේ සියල්ල මැද වුවද රිජ්වේ ඇය පසුපස හඹා ඒම කිසිවිටකත් නවතා දැමුවේ නැත. ඇමරිකානු ජාතික Colson Whitehead විසින් රචිත අතීතයේ ඇමරිකාව තුළ පැතිරී තිබූ අප්‍රිකානු වහල් සේවයේ අඳුරු සහ කුරිරු පැතිකඩ පෙන්වා දෙන කතාවක් වූ The Underground Railroad නම්වූ කෘතිය ප්‍රකාශයට පත්වූයේ 2016 දීය. හද කම්පා කරවන සුළු වූ මෙම නවකතාව ලොවපුරා ඉතා සීග්‍රයෙන් අලෙවි වූ අතර සම්මාන ගණනාවකටද හිමිකම් කීවේය. මෙම නවකතාව එය නිකුත්වූ වසරේදීම Pulitzer Prize for fiction සහ National Book Award for Fiction මෙන්ම Athur C Clark Award යන සම්මාන දිනා ගත් අතර 2017 වසරේදී Andrew Carngie Medal for Excellence සම්මානයද දිනා ගත්තේය. මෙම නවකතාවේ අතිශය ජනප්‍රියභාවය නිසාම එය රූපවාහිනි කතාමාලාවකට නැගුනු අතර එය 2021 දී විකාශනය කෙරිනි.

Publisher: Ashirwada Publications

Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena | Colson Whitehead

නිරය (4) - Niraya
LKR 2,030.00 LKR 2,900.00 30%

Book Description

ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්ත වර්ණයෙන් ගලා යන නදියක අනෙක් ඉවුරේ මළ සිරුරු දහස් ගණනක් මැද සිටගෙන සිටින රිදී පැහැ හිසකේ සහිත කාන්තාව ඔහුට පවසන්නේ ‘සොයන්න. සම්බවේවි.’ කියාය. අවදි වන රොබට් ලැන්ග්ඩන් හට ගත වූ දින දෙකක මතකය අහිමිව තිබේ. හිසේ වෙඩි උණ්ඩයක් නිසා ඇති වූ තුවාලයකි. කළු හැඳගත් ඝාතක කාන්තාවක සහ කළු නිල ඇඳුමෙන් සැරසුණු සෙබළු ඔහු පසුපස ලූහුබැඳීම අරඹති. තරුණ වෛද්‍යවරියක වූ සියෙනා බෲක්ස් ඔහුගේ සහායට පැමිණෙන අතර මාරක වසංගතයකින් ලෝකය ගලවා ගැනීමේ අභියෝගය ඔහු ඉදිරියේ වෙයි. අභියෝගය ජය ගන්නට නම් ඔහු සියවස් හතකට පමණ පෙර ඉතාලියේ විසූ කවියා දාන්තේ අලිගියරි සමඟ ‘නිරය’ හරහා යා යුතු වෙයි.

Publisher: Ashirwada Publications

Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena | Dan Brown

කළු දළ මල - Kalu dala mala
LKR 400.00 LKR 500.00 20%

Book Description

1672 වසරේ ඕලන්දය පුරා පැතිර යන්නේ කලබලකාරී වාතාවරණයකි. දේශප්‍රේමීන් වූ ඩී විට් සොහොයුරෝ ඝාතනයට ලක්වෙති. කෙරේනේලියස් ඩී විට් ගේ නම් දරුවා වූ කොර්නේලියස් වැන් බේර්ලේ ස්වාභාව ධර්මයට ආදරය කරන්නෙකි. යුරෝපය පුරා ටියුලිප් උන්මාදයක් පැතිර ඇති එම සමකාලීනව ඔහු උත්සාහ දරන්නේ කළු ටියුලිප් මලක් නිර්මාණය කරන්නටය. එහෙත් එරට දේශපාලන ප්‍රවාහයට නොදැනුවත්වම මැදි වන වැන් බේර්ලේ හට සිර දඬුවම් නියම වෙයි. බන්ධනාගාරය ඇතුළතදී ඔහු හා ජේලර්වරයාගේ දියණිය අතර ඇති වන්නේ කෙබදු සම්බන්ධයක් ද? ඔහු නිර්මාණය කරන කළු ටියුලිප් මල සොරා ගත්තේ රෝසා නම් වූ ඇය ද?

Publisher: Ashirwada Publications

Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena | Alexandre Dumas